මිනිස් ජාවාරම්වලට හසුවෙන්න එපා – නාවික හමුදාවෙන් දැනුම්දීමක්

නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකදී එලෙස මිනිස් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, මීගමුව ප්රදේශයේදීයි.
මෙම සැකකරුවන් පුද්ගලයින් විසි දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ලබාගෙන ඇති අතර, ඔවුන් හලාවත සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
පසුගිය කාලය තුළ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් සංක්‍රමණයවීමට උත්සාහ කළ කණ්ඩායම් කිහිපයක්ම ආරක්ෂක අංශ භාරයට ගැනුණා.
එලෙස සංක්‍රමණය වීමට ගිය ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසක් වියට්නාම මුහුදේ අතරමංව සිටියදී නොවැම්බර් මාසයේ මුදාගත් අතර, ඉන් එකසිය පනස් දෙදෙනෙකු දෙසැම්බර් 27 වනදා යළි ශ්‍රී ලංකාවට පැමිණියේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ මැදිහත්වීම මතයි.

