දේශසීමා ඇරපු ගමන් හොංකොං සිට චීනයට සංචාරකයින් විශාල පිරිසක්

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු දේශසීමා විවෘත කිරීමත් සමඟ හොංකොං සංචාරකයින් විශාල පිරිසක් චීනයට පැමිණෙමින් තිබෙනවා.
හොංකොං සිට චීනයට පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමුවීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීති පසුගිය දා ඉවත් කෙරුණේ වසර 3කට පසුවයි.
මේ අතර කොවිඩ් වෛරසයේ XBB ඔමික්‍රොන් ප්‍රභේදය පැතිර යාම හේතුවෙන් සිංගප්පූරු රජය මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.
රෝග ලක්ෂණ නොපෙන්වමින් වඩාත් වේගයෙන් පැතිර යන මෙම වෛරසය ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයක් භයානක වන අතර ඉහළ මරණ අනුපාතයක්ද ඇති විය හැකි බවටයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ.

