ලෝක ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරමින් තිබෙනවා – ලෝක බැංකුවේ සභාපති

ලෝක ආර්ථිකය මේ වනවිට අවපාතයක් කරා ගමන් කරමින් සිටින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් පවසනවා.
ඔහු කියා සිටියේ මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය 1.7%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මෙවන් තත්ත්වයක් හමුවේ ආහාර සහ බලශක්ති අර්බුදයෙන් මෙන්ම ණය බරින් පෙළෙන රටවලට ජාත්‍යන්තර ප්‍රජාව ආධාර කළ යුතු බවයි ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම පසුගිය වසරේ 6.1ක්% වූ දකුණු ආසියානු ආර්ථිකය මේ වසරේ දී 5.5%ක් දක්වා පහළ යනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඉන්දියාව සහ මාලදිවයින යම්තාක් වර්ධනයක් පෙන්නුම් කරන බවයි ලෝක බැංකු සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ.

