මැතිවරණය අභියෝගයක් නෙවෙයි ලූ : ඇමති ප්‍රසන්න කියයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී අනෙක් සියලු ම දේශපාලන පක්ෂවලට වඩා පොදු ජන පෙරමුණට ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
මෙහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග,
“පොහොට්ටුව ගම් මට්ටමින් ශක්තිමත් අත්තිවාරමකින් හැදුණ පක්ෂයක්. මේ මැතිවරණයේදී අනෙක් සියලු ම දේශපාලන පක්ෂවලට වඩා අපට ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අපේක්ෂකයෝ සියලු දෙනා ගම්වල වැඩ කළ, පොදු වැඩවලට සම්බන්ධ පිරිසක්. අත්දැකීම් තිබෙන, ජනතා සේවය කරපු, වැඩ කරපු පිරිසක් මේ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. අපේ කණ්ඩායමෙන් තරඟ කරන්නේ කටින් බතල හිටවපු පිරිසක් නෙමෙයි. කයිවාරු කෙළින, වැඩක් කරන්න බැරි මිනිස්සු නෙමෙයි මෙවර මැතිවරණයට තරඟ කරන්නේ. වැඩක් කරලා පෙන්නපු මිනිස්සුයි තරග කරන්නේ. අපිට මේ මැතිවරණය කිසි ම අභියෝගයක් නෑ. මීට වඩා අපහසු කාලවලදී අපි මේ වගේ තරඟ කර මැතිවරණ ජයග්‍රහණය කර තිබෙනවා.
රජයක් ලෙස මුහුණ දෙන ගැටලු සහ මැතිවරණ කොමිසම මුහුණ දෙන ගැටලු කියන්නේ කාරණා දෙකක්. රජයක් ලෙස දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවා ගන්න, සමෘද්ධි ප්රතිලාභ සම්බන්ධව, ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධව පසුගිය කාලේ මුහුණ දුන්න ගැටලු. අද යම්තාක් දුරට ආර්ථිකය කළමනාකරණය කරගෙන ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් යන වේලාවක මැතිවරණයක් තැබිය යුතුද නැද්ද යන වග මේ රටේ ජනතාව තීන්දු කරයි.
මැතිවරණයට මුදල් නැති බව අපි හැමෝම දන්නවා. පසුගිය කාලේ කිව්වා රාජ්‍ය සේවකයෝ පඩි නැතිව දීමනා නැතිව මැතිවරණයකට සුදානම් වෙනවා කියලා. මැතිවරණ කොමසාරිස් ඒ සඳහා වගකීම භාර ගෙන කටයුතු කිරීමට සුදානම් නම් අපි මැතිවරණයට මුහුණ දීමට ලෑස්තියි. ප්‍රතිපාදනවල ගැටලුවක් තිබෙන නිසා අපේ අමාත්‍යංශවල ත් ප්‍රතිපාදන කප්පාදුවක් කරපු පසුබිමකයි අපි මේ මැතිවරණයක් ගැන කතා කරන්නේ. මැතිවරණ කොමිසමට මුදල් තිබෙන නිසා වෙන්න ඇති ඔවුන් නාම යෝජනා කැඳවන්නේ. මැතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම ඔවුන්ගේ වගකීමක්. පක්ෂයක් විදියට අපි මැතිවරණයට සූදානම් වෙනවා.
සමහරු කියනවා මේ ආණ්ඩුව වගේ ම පොහොට්ටුවත් මැතිවරණය කල් දාන්න කුමන්ත්‍රණය කරනවා කියලා. අපිට මැතිවරණ කල් දාන්න කිසි ම උවමනාවක් නෑ. මැතිවරණ කොමිසම ඡන්දය තියෙනවා නම් අපි ඒකට මුහුණ දෙන්න ලෑස්තියි.” යනුවෙන්

