මෛත්‍රීට කෝටි 10ක් ගෙවන්න ආර්ථිකයක් නෑලු

මෛත්‍රීට කෝටි 10ක් ගෙවන්න ආර්ථිකයක් නෑලු

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා…

“කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත් ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙවෙයි මම. මම සහ මගේ හිතවතුන් තීරණය කරලා තිබෙන්නේ, අපි අපිට හිතවත් අයගෙන් අපි සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙම නම් කොළඹ කොටුවේ බෝ ගහ යට ටින් එකක් හොල්ල හොල්ල මම ඉන්න ද කියලා? කිසිදු ආදායමක් නැහැ මට.” යනුවෙන්