ශ්රීලනිපය අත කරට ගනී

ශ්රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බහුතරයකගේ තීරණයට අනුව සෑම දිස්ත්රික්කයකම පළාත් පාලන ආයතනවලට ශ්රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇති බවය.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින සියලුම පළාත් පාලන අපේක්ෂකයින් එම තීරණය අනුව කටයුතු කරනු ඇති බව පක්ෂය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
නමුත් ඇතැම් පක්ෂ හා නායකයින් අතර එකඟත්වය පළ කරගනිමින් යම් පළාත් පාලන ආයතන සඳහා පක්ෂයේ අනුමැතියට යටත්ව හෙලිකොප්ටරය ලකුණින් තරග කිරීමට එකඟ වී ඇති බවද පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය උතුරු-නැඟෙනහිර පළාත්වල හා පොළොන්නරු දිස්ත්රික්කය සඳහා අත ලකුණින් තරඟ කිරීමට තීරණය කළ බව යි වාර්තා වන්නේ.
එසේ ම කොළඹ, කුරුණෑගල හා මොණරාගල දිස්ත්රික් සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරඟ කිරීමටත් ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව සඳහන්.

