ඉහළ යන පොල් මිල

වෙළඳපොළේ පොල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 130 කට අධික මිලකට අලෙවි වන බවයි.
එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව ද ඔවුන් පෙන්වා දෙති.
සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 100 ත් 120ත් අතර මිළකට අළෙවි වන අතර කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 85 ත් 100 ත් අතර මිළකට අළෙවි වෙති.

