සනත් නිශාන්තට සමූපකාර ඡන්දයකින් දරුණු පරාජයක්

සනත් නිශාන්තට සමූපකාර ඡන්දයකින් දරුණු පරාජයක්

ඊයේ (17) පැවති ආරච්චිකට්ටුව සමුපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඉන් පරාජයට පත් ව තිබෙනවා.

ඔහු ආරච්චිකට්ටුව සමූපකාරයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයෙන් අංක 09 යටතේ ඡන්දයට ඉදිරිපත් ව ඇති අතර, එම ප්‍රාදේශිකයෙන් තෝරා ගනු ලබන කාරක සභිකයන් ප්‍රමාණය 09ක්.

එම 09 දෙනාගෙන් වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන සභිකයින් 06 දෙනෙකු ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ කාරක සභික අපේක්ෂකයන් 09 දෙනාගෙන් බව සඳහන්.

අනෙකුත් තිදෙනා තේරී පත් ව ඇත්තේ, පොහොට්ටු පක්ෂයෙන් වන අතර, එම තිදෙනා අතරට ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත තේරී පත් ව නැති අතර කාරක සභික අපේක්ෂකයන් 19 දෙනා අතරින් රාජ්‍ය ඇමති සනත් නිශාන්තට හිමි ව ඇත්තේ 11 වෙනි ස්ථානය යි.