යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හෙලිකොප්ටර් අනතුරකින් මරුට

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හෙලිකොප්ටර් අනතුරකින් මරුට

හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන බලධාරින් පවසනවා.

අනතුරෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිර්ස්කි, ඔහුගේ නියෝජ්‍ය යෙව්වන් යෙනින් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් යූරි ලුබ්කොවිච් ද මිය ගිය අය අතර වන බව සඳහන්.

මෙම කඩා වැටීම හදිසි අනතුරක් ද නැත හොත් රුසියාව සමඟ මාස 11කට ආසන්න කාලයක් පැවති යුද්ධයේ ප්‍රතිඵලයක් ද යන්න පිළිබඳ තවමත් අනාවරණය වී නැහැ.

https://bit.ly/3XGDCgb

COMMENTS