ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D Animation චිත්‍රපටය “ගජමෑන්” හෙට සිට රිදී තිරයේ

ගජමෑන් (Gajaman) සිංහල චිත්‍රපටය, බොහෝ කාලයක් තිස්සේ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක්. 2018 වසරේදී ගජමෑන් සිනමාපටයෙ හි පූර්ව ප්රචාරක පටය නිකුත් වීමෙන් පසුව, මේ නිර්මාණය වටා දැවැන්ත රසිකයින් පිරිසක් එකතු වූ අතර චිත්‍රපටය සිනමාහලට නිකුත් වන තෙක්ම ඔවුන් පසු වූයේ බොහොම නොඉවසිල්ලකින්.
 සිනමාශාලා ප්‍රදර්ශනය දිගින් දිගටම කල් ගියත්, ඒ සියලුම බාධක මඟ හරවාගනිමින් සිය පළමු පුළුල් තිර ප්‍රදර්ශනය සාර්ථකව අවසන් කරන්නට චිත්‍රපටයේ නිෂ්පාදකයින් වූ Studio101 කණ්ඩායම පසුගියදා සමත් වුනා.</p>
<p>ඒ පසුගිය දෙසැම්බර් 09 වනදා තෝරා ගත් සිනමාශාලා ප්‍රමාණයකදී එක් දිනකට පමණක් චිත්‍රපටය, සීමිතව ප්‍රදර්ශනය කිරීමත් සමඟයි.</p>
<figure class=)

ඔන්න ඉතින් ගජමෑන් සිංහල චිත්‍රපටයට ලැබුනු ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සමඟින්, හෙට (20) සිට දිවයින පුරා සිනමාහල් වල මෙම චිත්‍රපටය දැකගැනීමට අවස්ථාව උදා වෙනවා.
ලංකාවේ පැරණිතම පුවත්පත් චිත්රකතාවක් වන, කැමිලස් පෙරේරා මහතාගේ ‘ගජමෑන්’ කාටූනය ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙය, මෙරට සිනමා ඉතිහාසයේ බිහිවූ පළමු 3D Animation දිගු වෘතාන්ත සිනමාපටය ද වනවා. එමෙන්ම Avatar, The Adventures of TinTin වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටවල භාවිතා කළ නවීනතම Motion Capture තාක්ෂණය ලාංකීය නිර්මාණයකට උපයෝගී කරගත් පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
Motion Capture තාක්ෂණයෙන් සිදු වූ මෙහි දර්ශන සඳහා ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වන්නේ,
ගජමෑන් – දසුන් පතිරණ
මගෝඩිස්තුමා – ටිරාන් අබේවර්ධන
ඇම්ඩා – චාමර ප්‍රියදර්ශන
ස්වීටි – නිපුනි ශාරදා
පද්මාවතී – කසුනි කාවින්දි
ටික්කා – ප්‍රදීප් රාමවික්‍රම


