බිත්තර මිල ගැන අලුත් ගැසට් නිවේදනයක්

බිත්තර මිල ගැන අලුත් ගැසට් නිවේදනයක්

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවත්ය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

කෙසේවෙතත් මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55ක් හෝ ඊට අධික මිලකටයි.