සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු හෙට රාජ්‍ය ගෞරව සහිතව

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු හෙට (21) දිනයේ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු 4 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය, ඊයේ (20) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.
ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්,


