සඳ මත පා තැබූ දෙවැනියා 93 දී ආයෙත් බැඳලා

සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා වන බස් ඕල්ඩ්‍රන් සිය 93 වැනි උපන් දිනයේදී සිව්වන වරටත් යුග දිවියට එළැඹ තිබෙනවා.
ඒ ඔහුගේ දිගු කාලීන පෙම්වතියව සිටි 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆවුර් සමඟයි.
ඇය රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක්.
බස් ඕල්ඩ්‍රන් 1969 වසරේදී ඇපලෝ 11 යානයෙන් සඳ මතට ගමන්කළ ඓතිහාසික ගමනේ සාමාජිකයෙක්.
සඳ මත පා තැබූ පිරිසෙන් සිව් දෙනෙක් මේ වන විට ජීවත්ව සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙකු වන්නේ මොහුයි.

