හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් – නගරයක් ලොක්ඩවුන්

හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් – නගරයක් ලොක්ඩවුන්

හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොංයෑං නගරය දින 5කට වසා දමා තිබෙනවා.

මෙය කොවිඩ් 19 වයිරසය ද යන්න උතුරු කොරියාව මාධ්‍ය වාර්තා කර නැහැ.

පියොංයෑං නුවර ජනතාව නිවෙස්වල රැඳි සිටිය යුතු අතර සෑම දිනකම කිහිපවතාවක් උෂ්ණත්ව පරීක්ෂාවන්ට ලක්විය යුතු බවයි උතුරු කොරියා සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

උතුරු කොරියාවේ පසුගිය වසරේ පළමු කොවිඩ් 19 රෝගීයා වාර්තා වු අතර අගෝස්තු මාසය වන විට වාර්තා කෙරුණේ කොවිඩ් 19 සම්පුර්ණයෙන්ම පාලනය කළ බවටයි. කෙසේවෙතත් කොවිඩ් 19 රෝගීන් කොපමණ ප්‍රමාණයක් වාර්තා වුණේ ද යන්න මෙතෙක් වාර්තා කර නැහැ.

https://bit.ly/3H93haH