බල්ලෙක්ගේ අත් වැරෙද්දෙන් වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙක් මරුට

අමෙරිකා එක්සත් ජනපදයේ සුනඛයෙකු අතින් අහම්බයකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඉකුත් සති අන්තයේ එම අනතුර සිදු වී ඇතැයි එරට කැන්සාස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කර ඇත.
අදාළ සුනඛයා කැබ් රථයක පිටුපස අසුනේ තිබී ඇති තුවක්කුවක් මතට අහම්බයකින් පැන ඇති අතර එහිදී තුවක්කුව ක්‍රියාත්මක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කැබ් රථයේ ඉදිරිපස මගී අසුනේ සිට තිබේ.
ඔහු සහ සුරතලයට ඇති කරන අදාළ සුනඛයා සෙනසුරාදා (21) විනෝදය සඳහා දඩයමේ ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුවී ඇතැයි කැන්සාස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කළේ, මිනිසුන්ට වඩා තුවක්කු ඇති රටක් වන අමෙරිකා එක්සත් ජනපදයේ අත්වැරදීම්වලින් සිදු වන මෙවැනි අනතුරු බහුල බව ත් එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවල දත්තවලට අනුව, 2021 වසරේදී ගිනි අවි අනතුරුවලින් 500කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ත් ය.

