ලංකාවට එන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක්

ලංකාවට එන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක්

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සංචාරකයින් රැගෙන යන ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන බවයි.

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.