ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය අදයි

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය අදට (26) යෙදී තිබෙනවා.
එරට නව ජනපතිනිය ලෙස පසුගියදා පත්වූ ද්‍රව්පාදී මුර්මා සහභාගී වන පළමු ජනරජ දිනය මෙයයි.
මෙවර ජනරජ එරට දිනයේ ප්‍රධාන ආරධිතයා වන්නේ ඊජිප්තු ජනපති අබ්දෙල් ෆට්ටාහ්.
නව දිල්ලි නුවර කර්තව්‍යා පාක් හිදී සැමරෙන මෙවර ඉන්දීය ජනරජ දිනය විචිත්‍ර අංග රැසකින් සමන්විත වන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට යුද හමුදා ස්මාරකයට අචාර දැක්වීමෙන් පසු උත්සවය ආරම්භ කෙරුණා.
ජනරජ දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සංදර්ශනවලින් ද වර්ණවත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර 74 වැනි ඉන්දීය ජනරජ දිනයට සමගාමීව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කළ සංස්කෘතික උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ඇනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා.
ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

