මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

උතුර – නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක හමුදා නිලධාරින් එලෙසම එම විහාරස්ථාන ආශ්‍රයෙහි යෙදවීම සුදුසු බව මහනායක හිමිවරුන් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, උතුර නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිත ව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල ආරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බවයි.

ඒ අනුව එම ආරක්ෂක අංශ සාමාජිකයන් අදාළ ස්ථානවලින් ඉවත්කළ හොත් විහාරස්ථාන සංවර්ධන කටයුතු අඩාලවිය හැකි බව මහනායක හිමිවරු ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.