පුංචි ඡන්දයට බාධා

පුංචි ඡන්දයට බාධා

පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, දේශපාලන අධිකාරිය සහ ඇතැම් කණ්ඩායම්වලින් එම බාධා කිරීම් වාර්තා වී ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත.

ඊට අදාළ පැමිණිලි භාරගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වේ.

මේ අතර මැතිවරණයට අදාළ මුදල් වරින්වර හෝ ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ලබාදී ඇති මුදල රුපියල් මිලියන 100 කි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ලබන 15 වැනි දා තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු භාරගන්නා බවය.