භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න ලෝක ශූර පාපන්දු ක්‍රීඩකයෝ ඉදිරියට එයි

භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න ලෝක ශූර පාපන්දු ක්‍රීඩකයෝ ඉදිරියට එයි

පසුගිය සඳුදා තුර්කියේ ඇති වූ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට (13) පුද්ගලයින් 33,000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇති පසුබිමක, භූ කම්පන ව්‍යසනයෙන් විපතට පත් ජනයා හට සහන සැලසීම සඳහා ලෝක ප්‍රසිද්ධ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් රැසකගේ මූල්‍යාධාර ඊට එක්ව තිබෙනවා.

ආජින්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලෝක ශූර ලියොනල් මෙසී විසින් තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් හට සහන සැලසීම සඳහා යුරෝ මිලියන3.5ක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.

එමෙන්ම තම රට මුහුණපෑ ව්‍යසනයෙන් මේ වනවිට කායික මෙන්ම මානසික වශයෙන් දැඩි ව්‍යාකූලතාවකටත්, අසරණතාවකටත් පත්ව ඇති බවත්, ඒ වෙනුවෙන් හැකි උපරිමයෙන් සිය රට වෙනුවෙන් උදව් කරන ලෙසත් තුර්කි පාපන්දු ක්‍රීඩක Merih Demiral විසින් ලෝක පාපන්දු තරු රැසකගෙන් ඉල්ලීමක් ද කර ඇති බවට වාර්තා වනවා.

මෙම මානුෂීය ආධාර සැලසීමේ ක්‍රියාවලියට ලෝක ශූර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ,කයිලියන් ම්බාපේ, පාවුලෝ ඩිබාලා, ලෙනාඩෝ බොනුචි,හැරී කේන්,නේමාර් ජූනියර්, රියල් මැඩ්රිඩ් හි ඊඩන් හසාඩ් සහ මැන්චෙස්ටර්හි අර්ලින් හැලන්ඩ් ආදී ක්‍රීඩකයින් රැසක් සිය නිල දායකත්වය ලබාදීමට එකඟත්වය පළ කර ඇති බවටත් වාර්තා වනවා.

ඒ සඳහා ඔවුන්ගේ නිල පාපන්දු ජර්සිය මත අත්සන් තබා පිළිගන්වා ඇති බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

https://bit.ly/3YqP0xL