සාකච්ඡා සාර්ථකයි – දුම්රිය වර්ජනය අවසන්

බලධාරින් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අතහැර දමා තිබෙනවා.
අද (13) පෙරවරුවේ සිට දුම්රිය රියදුරන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.
මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කෙරුණා.
ඒ අනුව පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව – කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව – මරදාන, අලුත්ගම – මරදාන සහ කළුතර – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් අවලංගු කෙරුණු බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

