රනිල් ඉන්නකම් මැතිවරණ නෑ

රනිල් ඉන්නකම් මැතිවරණ නෑ

තැපැල් ඡන්දය කල් තැබීම මෙවර මැතිවරණය නිවේදනය කිරීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ ආණ්ඩුවේ පළමු වෙඩි මුරය බව නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල පැවසීය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඊයේ (14) පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා

මේ ආකාරයෙන් මැතිවරණ කල් දැමුවහොත් ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය ද නොපවත්වන බව නිදහස් ජනතා සන්ධානයේ ලේකම්වරයා කීය.

මැතිවරණ සඳහා මුදල් නැති බවට මැතිවරණ පවත්වන වගකිවයුතු ආයතන පවසනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජීවතුන් අතර සිටින තුරු මැතිවරණ නොතියනු ඇතැයි ද නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල පැවසීය.

මැතිවරණයට අවශ්‍ය සියලු කඩදාසි මේ වන විට ප්‍රමාණවත්ව පවතින බව ත් දිස්ත්‍රික්ක ගණනාවක ම අදාළ මැතිවරණ පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර ඇති බව ත් තිලංග සුමතිපාල පැවසීය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඊයේ (පෙබ. 14) පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේ ය.