තැපැල් ඡන්දය නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින පසුවට දැනුම්දෙන බවයි.
තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

