සුපිරි නළු බෲස් ට ඩිමෙන්ෂියා රෝගය – රංගනයෙන් ඉවත් වීමටත් තීරණයක්

සුපිරි හොලිවුඩ් නළු බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙලෙන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කොට තිබෙනවා.
සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන බෲස් විල්ස් ඩිමෙන්ෂියා රෝගෙන් පෙලීම නිසා ඔහු වසරක් ඇතුලත රංගනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද සදහන්.
1980 සිට හොලිවුඩ් සිනමාවේ ක්‍රියාදාම නළුවෙකු ලෙස කටයුතු කළ බෲස් විල්ස් මේ වන විට 67වන වියේ පසුවනවා.
ගොල්ඩ්න් ග්ලොබ් සම්මානය සහා එමී සම්මානය දෙවරක් දිනා ඇති බෲස් විල්ස් අති දක්ෂ නළුවෙක්. ඩයිහාඩ්, ලූපර්, රෙඩ් චිත්‍රපටි මාලාව සහ ජී අයි ජෝ, ඇපේක්ස් , ඇමෙරිකන් සීජ් ඇතුළු චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක ප්‍රධාන චරිත නිරූපණයට බෲස් විල්ස් එක්වුණා.
ඩිමෙන්ෂියා යනු කෙටි කාලීන හෝ දිගු කාලීනව මතකය අහිමි වීම සම්බන්ධ රෝගයක් වනවා. ඔහුගේ රෝගයට ප්‍රතිකාර නොමැති බවයි පවුලේ සාමාජිකයන් පවසන්නේ.



