සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක් එළියට

විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු ම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.
මීට අමතරව රෝහල්, සාත්තු නිවාස, බෙහෙත්ශාලා, රෝගීන් නඩත්තු කිරීම්, රැකවරණය සහ ප්‍රතිකාර කිරීමද අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

