කරන්ට් බිල වගේම වතුර බිලත් වැඩි වෙන ලකුණු

කරන්ට් බිල වගේම වතුර බිලත් වැඩි වෙන ලකුණු

විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල බිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාථ කියා සිටියේ.

මේ අතර විදුලිබිල ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසනවා.

මාතලේ නගර ශාලාවේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර පාරිභෝගික පහසුව තකා ජල බිල්පත විද්‍යුත් තැපැල් (ඊමේල්) මාර්ගයෙන් ලබා ගැනීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් අවස්ථාව හිමිකර දී තිබෙනවා.

මණ්ඩලය සඳහන් කරන්නේ, තම ජල බිල්පතෙහි ගිණුම් අංකය හිස්තැනක් තබා සිය ඊමේල් ලිපිනය සඳහන් කර 071-9399999 ට SMS පණිවිඩයක් යොමු කරන ලෙසයි.

ඉන් අනතුරුව පාරිභෝගික ඔබගේ ඊමේල් ගිණුමට ලැබෙන පණිවිඩයේ සඳහන් ”Accept” ක්ලික් කිරීම මගින් ඊ-බිල් සඳහා ලියාපදිංචි වී බිල්පත් ගෙවීමේ පහසුව ලබාගත හැකි බවත් ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා.