ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයට

ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයට

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයේ කියුව් අගනුවරට ගොඩබැස තිබෙනවා.

ඒ හරියට ම රුසියාවේ ආක්‍රමණයේ පළමු සංවත්සරයට දින තුනකට පෙරයි.

යුක්‍රේනයට ගොඩ බට ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ “ආක්‍රමණයෙන් වසරකට පසුවත්, කියෙව් එය ශක්තිමත්ව දරාගෙන සිටියි, යුක්රේනය එයට එරෙහිව නැගී සිටියි, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් සහ ස්ථාවරයි.” යනුවෙනුයි.

දරුණු යුධ ගැටුමකට මැදිව ඇති යුක්‍රේනයේ සිදුකළ මෙම හදිසි සංචාරය සඳහා ජනාධිපති බයිඩන් කියුව් වෙත ගොඩබසින අතරේ නව අවි ආයුධ සඳහා ඩොලර් මිලියන 500ක් ද ප්‍රකාශයට පත් කළා.

ඔහුගේ සංචාරය රහසිගතව සිදුව තිබූ අතර ඔහු සමග පැමිණ සිටියේ වාර්තාකරුවන් දෙදෙනෙකු පමණයි.

ඇමරිකානු ජනාධිපතිවරයා මැරින්ස්කි මාලිගයේදී ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි හමුවූ අතර කාලතුවක්කු, පතොරම්, සහ හොවිට්සර් ඇතුළු අමතර යුධ ආධාර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන භාගයක් වෙන් කරන බව ප්‍රකාශ කළේ එහිදී යි.

එක්සත් ජනපදය ප්‍රමුක, මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් වෙතින් ලැබෙන ආධාර යුක්‍රේනයේ භූමි ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා වන දඩබ්බර ප්‍රතිරෝධයට මහත් උපකාර‍යක් වී ඇති අතර මේ වන විට එක්සත් ජනපදය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වඩා ආයුධ සහ ආධාර එරටට යවා තිබෙනවා.

https://bit.ly/3I914g6

COMMENTS