යුද්ධය ඇතිකිරීමට බටහිර ජාතීන් උදව් කළා – පුටින් ජාතිය අමතමින් කියයි

යුද්ධය ඇතිකිරීමට බටහිර ජාතීන් උදව් කළා – පුටින් ජාතිය අමතමින් කියයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔහු එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇතිකිරීම සඳහා බටහිර ජාතීන් මුල් වූ බවද පැවසීය.

ඔහු තවදුරටත් පවසන්නේ අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් තෙරක් නොපෙනෙන බලයක් ලබාගැනීම සඳහා උත්සාහයක නිරතවන බවය.

ඊයේ දිනයේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයේ සංචාරයක නිරතවෙමින් රුසියාවට විවිධ චෝදනා එල්ලකළේය.

ගෝලීය දේශපාලන විචාරකයින් පවසන්නේ එම චෝදනාවන්ට පිළිතුරැ දීම සඳහා මෙලෙස පුටින් ජාතිය ඇමතීමට තීරණය කර ඇති බවය.

https://cnb.cx/3Iq71pg