මැතිවරණය කැඳවුයේ නීත්‍යානුකූලවයි – මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් පාලන මැතිවරණය කැඳවුයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හා මැතිවරණ නීතියට අනුව නීත්‍යානුකූලව බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, එම ක්‍රියාවලිය මැතිවරණ කොමිෂන් සභාවේ සියළු සමාජිකයින්ගේ එකඟතාව ඇතිව සිදුවූ බවයි.
මුදල් ලබා නොදීමේ පසුබිමක දැනට ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට රැස් වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

