පේරා සරසවිය ලොව හොඳම සරසවි අතරට

පේරා සරසවිය ලොව හොඳම සරසවි අතරට

ඇමරිකා එක්සත් ජනපදයේ යූ. එස්. නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇත. එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය වන බව එහි උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ පවසයි.

විශ්වවිද්‍යාල දොළොස්දහසක් සහ උසස් අධ්‍යාපන ආයතන තිස්දහසක් පමණ යොදා ගනිමින් මෙම වර්ගීකරණය සිදුකොට ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය. ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කර ඇත්තේ විශිෂ්ටත්වයේ දර්ශක දහතුනක් හරහා ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව බව කී උපකුලපතිවරයා, එම දර්ශක ගෝලීය පර්යේෂණ කීර්තිය, කලාපීය පර්යේෂණ කීර්තිය, ප්‍රකාශන, සම්මන්ත්‍රණ ආදියෙන් අන්තර්ගත වන බවද කීවේය.

මැසචුසෙට්ස් හි හාවඩ් විශ්ව විද්‍යාලය හොඳම ගෝලීය විශ්වවිද්‍යාල සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ලෙස දිගටම පවති.