මගී යාත්‍රාවක් පෙරළී 60ක් මරුට

දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දියි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටි බවයි අනතුරින් දිවි ගලවාගත් අයෙක් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ.
මෙම යාත්‍රාව කැලබ්‍රියා හි වෙරළබඩ නගරයක් වන ක්‍රෝටෝන් අසලට පැමිණීමට උත්සාහ කිරීමේ දී යාත්‍රාව දෙකඩ වී තිබෙනවා.
ඉතාලියේ ජනාධිපති Sergio Mattarella සඳහන් කළේ මෙම යාත්‍රාවෙන් ගමන් කරමින් සිට ඇත්තේ නීතිවිරෝධී ලෙස පලා යමින් සිටි සංක්‍රමණිකයින් පිරිසක් බවයි.
අනතුරින් තවමත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට ද ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Matteo Piantedosi පැවසුවා.
බොහෝ මළසිරුරු වෙරළට ගොඩගසා ඇති අතර මියගියවුන් අතර මාස කිහිපයක බිළිඳෙකු ද සිටිනවා.
AFP පුවත් සේවය සඳහන් කළේ මෙම යාත්‍රාව ඇෆ්ගනිස්තානය, සෝමාලියාව,පාකිස්ථානය සහ ඉරානය ආදී රටවල මගීන් පිරිසක් සිට ඇති බවයි.
සෑම වසරකම දකුණු අප්‍රිකාව ඇතුළු දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල්වල ජීවත්වන පිරිස් මෙලෙස සංක්‍රමණිකයින් ලෙස ඉතාලි රාජ්‍යයට ඇතුලුවන බවයි.

