මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙනවා

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින්.
මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද දිනයේ කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙන බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායකව ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කළා.
ඒ, විපක්ෂය විසින් එම තනතුර සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නම් කර තිබියදියි.
පසුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදී ද වාද විවාද ඇතිවුණා.

