නාමල්ගෙන් අභියෝගයක්

නාමල්ගෙන් අභියෝගයක්

තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේය.

එහිදී නාමල් රාජපක්ෂ වැඩි දුරටත් දැක්වූ අදහස්,

“යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාර මහත්තයත් ඒකේ හිටියා, සජිත් ප්‍රේමදසා මහත්තයාත් ඒකේ හිටියා, අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න. රන්ජන් රාමනායක මහත්තයා ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා, මේ නාමල්ගේ හෝටලය කියලා. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රාජපක්ෂලාට එහෙම ජාත්‍යන්තර ගිණුම් තියෙනවා කියලා කිසිම තැනක තහවුරු වෙලා නැහැ කියලා. එදා කියපු බොරුව අද ඒ විදිහටම අද ආයවතාවක් කියනවා. ෆයිල් මිටි ගහගෙන ඉන්න ඕනේ නැහැ. ෆයිල් මිටි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට සාක්ෂි තියෙනවානම්, ඔප්පු කරන්න සාධක තියෙනවානම්, මගේ නමට හෝ අපේ පවුලේ කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවානම්, මේ ලෝකේ තියන රටවල ෆයිල් හංගගෙන ඉන්න එපා අරගෙන එන්න. අපි දිවුරුම් ප්‍රකාශයකින් ලියලා දෙන්නම්. උගන්ඩාවට සල්ලි යැව්වා.. අමූලික බොරුවක්. බලය ලබාගන්න බොරු කරනවා. බොරු කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔය කියන සාධක තියෙනවානම් අපි ලෑස්ති ඒ සියල්ලම අපි ආණ්ඩුවට පවරන්න, රටට පවරන්න.” යනුවෙන්