අලුත් සන්ධානයක් ගැන හරීන්ගෙන් ඉඟියක්

ඉදිරි සති දෙකට පෙර සමගි ජන බලවේග මන්ත්‍රීවරු කිහිප දෙනකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේ පැවසීය,
“මටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් සජබෙ කඩන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. මාත් එක්ක තවත් කිහිපදෙනෙක් ඕන තරම් අරන් එන්න තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කරන්න එපා කිව්වා. ඒත් දැන් මම එතුමාට කිව්වා එන්න ඉන්න කට්ටිය දැන් ගමු කියලා. සමහරු මිනිස්සුන්ගේ උන්මාදය වැඩියි දැන්.” යනුවෙන්

