දකුණු තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් (Video)

දකුණු තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් (Video)

දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වා‍ර්ථා වෙනවා.

ඒ පසුගිය 6 වැනි දා රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාව හේතුවෙන් එරට වැසියන් 48,000කට ආසන්න මරුමුවට පත් වී ඇති පසුබිමකයි.

රටේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපක 5.6 ක ප්‍රබලත්වයක් දක්වමින් සිදු වූ මෙම කම්පනයෙන් තවත් ගොඩනැගිලි ගනනාවක් කඩා වැටී ඇති බවයි වාර්ථා වන්නේ.

මෙම භූමිකම්පාව දකුණු තුර්කියේ මලට්‍යා පළාතේ යෙසිලියර්ට් නගරයේ කේන්ද්‍රගතව සිදු වී ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන අතර ජීවිත හානි පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්ථා වී නැහැ.

යෙසිලියර්ට් නගරයේ නගරාධිපති මෙමෙත් සිනාර්, හර්බෂූක් රූපවාහිනියට පැවසුවේ කම්පනය හේතුවෙන් නගරයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති බවයි.

https://bit.ly/3KH07hZ