මාලිමාව හොරු සමඟ හෙළුවෙන් – දමිතා අබේරත්න

මාලිමාව හොරු සමඟ හෙළුවෙන් – දමිතා අබේරත්න

පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සඳහන් කරයි.

ඇය මේ බව පැවසුවේ සමගි ජන බලවේගය සංවිධානය කළ ජන රැළියක් අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දමිතා අබේරත්න,

“සමහරක් අරගලයේ අය කියනවා අරගලයෙන් මම නමක් අරගෙන දැන් මම ස.ජ.බයට හේත්තු වෙලාලු, අරගලය තුළ හිටපු අය අද ගිහිල්ලා රනිල් මහත්තයා ළඟ හිටගෙන ඉන්නවා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලනවා, ඒ ඔක්කොම හොඳයි මම සමගි ජන බල වේගයත් එක්ක හිටගත්තම රිදිලා.

සෝෂල් මීඩියාවල ජනාධිපතිවරු වෙලා ඇති කට්ටිය, ඒ ගොල්ලන්ට සල්ලි තියෙනවා, බිලියන් ගණන් එකතු කරගෙන අද ඔය ඔක්කොම වියදම් කරන්නේ චීනෙන් තමයි ඒගොල්ලන්ගේ සියලුම දේ අද හැඩල් කරන්නේ, හැබැයි අද පොහොට්ටු හොරු ටික ඔක්කොම හිට ගෙන ඉන්නේ ජාතික ජන බල වේගයේ මලිමාවේ, ඒ පල් හොරු ටිකත් අරගෙන මාලිමාව හොරු සමඟ හෙළුවෙන් කියලා තමයි මට කියන්න වෙන්නේ.” යනුවෙන්

COMMENTS