ඉන්ධන ගබඩාවක් ගිනිගනී

ඉන්දුනීසියාවේ – ජාකර්තා අගනුවර රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමකට අයත් ඉන්ධන ගබඩාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්නෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්න පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ අවට නිවෙස්වලට ද ව්‍යාප්ත වී ඇති අතර සිද්ධියෙන් පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් රෝහල් ගත කරනු ලැබුවා.
ගිනි නිවන භටයින් 260 දෙනෙකු සහ ගිනි නිවන රථ 52 ක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගබඩාවේ ඉන්ධන ප්‍රවාහන නල මාර්ගයකට අකුණුසැර වැදීමෙන් ගින්න හට ගන්නට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

