පුංචි ඡන්දය ගැන අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කරනවා

පුංචි ඡන්දය ගැන අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කරනවා

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

කිතුල්ගල ප්‍රදේශයේ අද (04)උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව පැවසුවේ ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

“ඇත්තටම අධිකරණ තීන්දුවට අපි ඕන කෙනෙක් ගරු කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, ආයතනයක් පෞද්ගලිකව වෙන්න පුළුවන්, අධිකරණ තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක්, මුදල් අමාත්‍යංශය අනුව ඒ ගෞරවය අනුව කටයුතු කරනවා. එහි කිසිදු ගැටලුවක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම හැම කෙනෙක්ම බැඳිලා ඉන්න විශේෂ වගකීමක්. අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කරන්න සිදුවේවී.” යනුවෙන්