දයාසිරිගේ තැනට සරත්

දයාසිරිගේ තැනට සරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩ බලන මහ ලේකම්වරයෙකු පත්කර තිබේ.

එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මෙලෙස වැඩබලන මහ ලේකම් ධූරය සඳහා පත්කර ඇත.

ඒ මහතා මධ්‍යම පළාත් හිටපු මහ ඇමතිවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ.

නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරග විදේශගත වීම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කර ඇත.