ඉම්රාන් ඛාන් නිසා පාකිස්ථාන මාධ්‍යයට තහනමක්

ඉම්රාන් ඛාන් නිසා පාකිස්ථාන මාධ්‍යයට තහනමක්

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ සහ ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡා විකාශය කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය විසින් එරට මාධ්‍ය වෙත තහනමක් පනවා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමෙන් පසුව සිදුකළ වෛරී ප්‍රකාශන හේතුවෙනි.

ඉම්රාන් ඛාන් ගේ වෛරී ප්‍රකාශන හේතුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අගතියක් සහ මහජන සාමයට බාධාවක් විය හැකි බැවින් පාකිස්තාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඔහුගේ වත්කම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමට නොපැමීණීම හේතුවෙන් පාකිස්තාන අධිකරණයක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

https://bit.ly/3ZHvXPN

COMMENTS