න්‍යෂ්ටික බලාගාරයකට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් – යුක්රේනයම අඳුරු වීමේ අවදානමක්

රුසියානු පාලනය යටතේ පවතින යුක්රේනයේ සැපොරිෂියා (Zaporizhzhia) න්‍යෂ්ටික බලාගාරය දෙසට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් යුක්රේනයේ අන් ප්‍රදේශවලට ද විදුලි සැපයුම ඇනහිටී ඇති බව යුක්රේනයේ එනර්ගොටොම් (Energoatom) නැමති රාජ්‍ය සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව අදාල ප්‍රහාරය හේතුවෙන් සැපොරිෂියා (Zaporizhzhia) න්‍යෂ්ටික බලාගාරය සහ යුක්රේන බල පද්ධතිය අතර ඇති අවසාන සම්බන්ධය ද බිඳ වැටී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ප්‍රහාරයේ බලපෑමෙන් අදාල න්‍යෂ්ටික බලාගාරයේ පස්වැනි සහ හයවැනි ප්‍රතික්‍රියාකාරක බිඳ වැටී ඇති අතර බලාගාරයේ ක්‍රියාකාරීත්වයට විදුලි බලය අවශ්‍ය වන බවත්, දින 10කට පමණක් ප්‍රමාණවත් ඉන්ධන සමුච්චයක් පමණක් බලාගාරය සතු බවත් එමගින් මේවන විට බලාගාරයේ ජනකන යන්ත්‍ර 18ක් පමණක් ක්රියායාතමක වන බවත් එනර්ගොටොම් (Energoatom) සමාගම පවසනවා.

