පුංචි ඡන්දය අප්‍රේල් 25 – ගැසට්ටුවත් එළියට

පුංචි ඡන්දය අප්‍රේල් 25 – ගැසට්ටුවත් එළියට

පසුගිය දා මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.