අප්‍රේල් මාසයේ ඉන්ධන මිලේ වෙනසක් ගැන ඉඟියක්

අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඩොලරය පහත බැසීමත් සමඟ ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවය.
මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලබයි.
ඒ අනුව අප්‍රේල් මාසයේ දි සිදුවන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරෝත්තු වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

