මාර්තු 15 සියලු පාසල්වල වැඩ නවතීද ? – අද පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ

මාර්තු 15 සියලු පාසල්වල වැඩ නවතීද ? – අද පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ

මාර්තු මස 15 වනදා ගුරු – විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, 15 වනදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල සියලුම වෘත්තීය සමිති එක්ව කැඳවා අති “ආණ්ඩුවේ පීඩනයට එරෙහිව වැඩ කරන ජනතාවගේ විරෝධය” නමින් වූ එක්දින වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බවය.

එම වර්ජනයට සියලුම ගරු – විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සම්බන්ධ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

ඒ අනුව, දිවයින පුරා පාසල්වල සියලු ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුර උපදේශකවරු ඉල්ලීම් 8ක් වෙනුවෙන් එම වර්ජනයට සහභාගී වන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් උද්ඝෝෂණවල තිරත වීමද සිදුකරනු බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසයි.

මේ අතර 15 වනදා ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද අද දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත්වල වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

එමෙන්ම බැංකු සේවකයින්ද හෙට සිට කලු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි ලංකා බැංකු සේවක සංගමය කියා සිටියේ.