ඩ්‍රෝන යානාවක් කළු මුහුදට කඩා වැටෙයි
ඇමෙරිකාවේ ඩ්‍රෝන යානාවක්, රුසියාවේ ජෙට් යානාවක ගැටීමෙන් එය කළු මුහුදට කඩා වැටී තිබෙනවා.
රුසියාවේ ජෙට් යානා දෙකක් මෙලෙස ගමන් කර ඇති අතර, ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් අවකාශයේ තිබිය දීයි මෙලෙස එක් ජෙට් යානාවක ගැටී ඇත්තේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා ද කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.