සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණයට බොරු තොරතුරු දුන්නොත් වැඩ වරදී

සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ සමීක්ෂණයට ලබන 31 වැනිදා ට පෙර තොරතුරු ලබා දෙන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහි සභාපති බී විජේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට ඒ සඳහා තොරතුරු ලබා දී ඇත්තේ ලක්ෂ 11කට ආසන්න පිරිසක් බවයි.
තවත් ලක්ෂ 26ක පිරිසකගේ තොරතුරු සමීක්ෂණ නිලධාරින්ට ලබාදිය යුතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර ඇතැම් පුද්ගලයින් සමික්ෂණ නිලධාරින්ට වැරදි තොරතුරු ලබා දෙන බවටද තොරතුරු වාර්තා වී තිබේ.
එවැනි පුද්ගලයින්ට සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමි නොවන අතර, ඔවුන්ට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් නීතිය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

