මිනිසුන් සහිත මීළඟ සඳ ගමනට ගගනගාමීන් අඳිනු ලබන නිල ඇඳුම් එළිදකියි
නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේ දී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හිදී එළිදක්වා තිබෙනවා.
මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම මූලිකවම කළු පැහැයෙන් යුක්ත බවයි වාර්තා වෙන්නේ.
එම ඇඳුමට තැඹිලි සහ නිල් පැහැය ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
මෙම ඇඳුම ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන, නම්‍යශීලී ආකාරයෙන් නිපදවා ඇති අතර නාසා ආයතනය දැනට දශක කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ සුප්‍රසිද්ධ ඇපොලෝ මෙහෙයුමේ දී ගගනගාමීන් ඇදි බරසාර අභ්‍යවකාශ ඇඳුමට වඩා මෙය හුරුබුහුටි ඇඳුමක් බවත් වාර්තාවනවා.
මෙම ඇඳුම ඔවුන් Axiom Extravehicular Mobility Unit හෙවත් AzEMU ලෙස නම් කර තිබෙනවා.
තවමත් මූලාකෘතියක් ලෙස ඉදිරිපත්ව ඇති මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම් සිදුකළ යුතුව ඇතැයි නාසා ආයතනය පවසනවා.
නාසා ආයතනය මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම නිර්මාණයේ දී සුප්‍රසිද්ධ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන ඊස්ටර් මාර්කියුස්ගේ සහාය ද ලබාගෙන ඇති බවටත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මෙම ඇඳුම හූස්ටන්හි පිහිටි Axiom Space සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇති අතර ඒ සඳහා නාසා ආයතනය මගින් එම සමාගමට පිරිනැමූ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇ.ඩො.මිලියන 228.5ක්.
මෙම එළිදැක්වීමේ දී එම සමාගමේ ප්‍රධාන ඉංජිනේරු ජිමි ස්ටෙයින් විසින් මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම ඇඳ පෙන්වීම ද සිදු කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙම AzEMU අභ්‍යවකාශ ඇඳුමේ අවසන් හැඩය පිළිබඳ කාරණා තවදුරටත් රහසක් ලෙස පවත්වාගෙන යාමට නාසා ආයතනය කටයුතු කර තිබෙනවා.