අද මධ්‍යම රාත්‍රියේ තෙල් මිලේ දැවැන්ත අඩුවීමක්

අද මධ්‍යම රාත්‍රියේ තෙල් මිලේ දැවැන්ත අඩුවීමක්

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රී 12ට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, රුපියල් 60කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 340ක් වනු ඇති.

ඔටෝ ඩීසල් ලීටරයක මිල, රුපියල් 80කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල 325ක්.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, රුපියල් 135කින් අඩු කෙරෙන අතර එහි නව මිල 375ක් වනු ඇති.

තවද, සුපර් ඩීසල් ලීටරයක මිල, රුපියල් 45කින් අඩු කෙරෙන අතර එහි නව මිල 465ක්.

භූමිතෙල් ලීටරයක මිල, රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල 295ක් වන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට අනුකූලව තම සමාගමත් මිල ගණන් සංශා්ධනය කරන බව ලංකා අයි.ඕ.සී සමාගම පවසනවා.

ඒ අනුව, සමාගම් දෙකේම ඉන්ධන පිරවුම් හල් වල සමාන මිල ගණන් යටකේ ඉන්ධන ලබා ගැනිමට අද රාත්‍රියේ සිට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ.

මේ අතර ඉන්ධන බෙදා හැරීම කඩාකප්පල් කළ වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 20 දෙනෙකෙු අනිවාර්ය නිවාඩු යවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.