ජනපතිගේ වත්කම් හෙළි වෙන අලුත් පනත

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදුන්වා දීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ය.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තියට අනුව, නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කර ඇති බව ත් එය සම්මත කිරීමට සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, නව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස විශ්‍රාම ගිය නිලධාරීන් පත් කිරීම සිදු නොකරන අතර, ඒ සඳහා දැනට රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හා සුදුසුකම් ඇති ස්වේච්ඡා සේවකයින්ට අවස්ථාව පවතින බව ය.
ඇතැම් පිරිස් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි නව දූෂණ විරෝධී පනත ඉදිරිපත් නොකළ අතර එම පනත රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍යතම කරුණක් බව ත් විනිවිදභාවයෙන් යුතු අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපනය කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු කිහිපයක් නව දූෂණ විරෝධී පනතට ඇතුළත් කර ඇති බව ත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්, මැයි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
නව දූෂණ විරෝධී පනත තුළින් දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර නව අල්ලස් කොමිසමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, නව පනත යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයින් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ කටයුත්ත අධිකරණයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වන බව ය.
මෙම පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන බවට සඳහන් කරන කිසිවෙකු නව පනත කියවා නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

