විශේෂඥ වෛද්‍යවරුන් රට ගිහින්, ළමා වාට්ටුවක් වැසේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ, එම වාට්ටුව භාරව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනා විදේශගත වීම හේතුවෙන්
එම තත්ත්වය හමුවේ වාට්ටු අංක 63 එම ළමා වාට්ටුවේ දරුවන් වෙනත් වාට්ටු දෙකකට තාවකාලිකව මාරු කර තිබෙනවා.
රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ළමා වාට්ටුව භාරව සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස වාට්ටුව වසා දමා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු සාකච්ඡාවක නිරත වීම හේතුවෙන් එය සාර්ථක වූයේ නැහැ.

